නුවරඑළියේදී සාධාරණ පුරවැසියෙකුට පහර දී ගැබ්බර බිරිඳ බිම දිගේ ඇදගෙන ගිය නරුමයන්ට නීතිය කෝ?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

නුවරඑළියේදී සාධාරණ පුරවැසියෙකුට පහර දී ගැබ්බර බිරිඳ බිම දිගේ ඇදගෙන ගිය නරුමයන්ට නීතිය කෝ?

නුවරඑළියේදී සාධාරණ පුරවැසියෙකුට පහර දී ගැබ්බර බිරිඳ බිම දිගේ ඇදගෙන ගිය නරුමයන්ට නීතිය කෝ?

සිය පවුල සමග නුවරඑළියට ගිය සවාරියක් අතරතුර, මැරපිරිසක් වෙතින් පහරකෑමට ලක්ව රෝහල්ගත වීමට සිදු වූ අයෙක් පිළිබඳ ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

 

සිද්ධිය වාර්තා වන ආකාරයට නමින් ශෂික ලේකම්ආරච්චි වන ගම්පහ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා, ඔහුගේ ගැබිනි බිරිඳ හා දරුවන් දෙදෙනා සමග විනෝද සංචාරයක් ගිය අතරතුරදී නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරී භූමියේ පිහිටි  වසන්ත සැණකෙළිය සංදර්ශන භූමියට ගොස් තිබේ.

 

ඔවුන් පිරිස මෙරිගෝරවුන්ඩ් එකේ යෑමේ බලාපොරොත්තුවෙන් පෝලිමේ සිටින අතරතුර, කාර්නිවල් අයිතිකරු යැයි කියන පුද්ගලයෙකු තවත් කිහිපදෙනෙකු හා එකතුව ඒ අසල සිටි තරුණයෙකුට පහරදී තිබේ.

 

එම තරුණයා ශෂික මහතා වෙත දිවවිත් ඔහුව බේරා ගන්නා ලෙස ඉල්ලා තිබෙන අතර, එම තරුණයාට පහර නොදෙන ලෙස කියුවැයි උරණව ඔවුන් තමාට හා තම ගැබිනි බිරිඳට බිම දමාගෙන අමානුෂික ලෙස පහරදුන් බව ප්‍රහාරයට ලක් වූ ශෂික මහතා වැඩිදුරටත් කියා සිටී.

 

තුවාල ලැබූ ඔහු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කරන ලද අතර, ඔහුගේ නාසය කැඩී ඇති හෙයින් ඔහුට ශල්‍යකර්මයක් ද සිදු කළ බව නුවරඑළිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 

ඔහුගේ බිරිඳ ද එදින නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කළ නමුත්, සිය කුඩා දරුවා ගැන සිතා ඇය විසින් සිය කැමැත්තෙන් රෝහලෙන් ටිකට් කපාගෙන ගොස් ඇති බවද පැවසේ.  

 

මේ සම්බන්ධ කණගාටුදායකම කරුණ වන්නේ, මෙම අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියට, නුවරඑළිය රෝහල් පොලිසිට සහ නුවරඑළිය ළමා හා කාන්තා කාර්යාංශයටද පැමිණිලි කොට තිබෙන නමුත් මේ දක්වා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සාධාරණයක් ඉෂ්ඨ වී නොමැති අතර අඩුම තරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටවත් තවම පොලිසිය සමත් වී නොමැති වීමයි.  

 

ශෂික මහතාගෙන් කට උත්තර ගැනීමට පැමිණි පොලිස් නිලධාරියා ටිකට් කපාගෙන යන ලෙස කියා බව ඔහු කියා සිටින අතර, අවට සිටි අයෙකු විසින් වීඩියෝ කරන ලද, සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිළි සාක්ෂි සහිත වීඩියෝවක් තිබියදී පවා නීතිය ක්‍රියාත්මක වීමට ප්‍රමාද ඇයි දැයි ඒ මහතා ප්‍රශ්න කොට සිටී.

 

නිදහස සහ සාධාරණත්වය ක්‍රියාත්මක විය යුතු දේශයක නීතියට ගරු කරන සාධාරණ පුරවැසියන්ගේ ඉරණම මෙය දැයි ආයුබෝ අපි ද ප්‍රශ්න කොට සිටිමු. 
 

views

351 Views

Comments

arrow-up