ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාව ඇරඹේ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ආරම්භ වී ඇති අතර එම රටවල් අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුර මෙම විශේෂ මාධ්‍ය හමුව සිදුකෙරුණි.
මේ සම්බන්ධයෙන් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ප්‍රංශ මුදල් අමාත්‍ය බෘනෝ ලී මයිරි විසින් සිදුකළේය. මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සූම් තාක්ෂණය ඔස්සේ එක්විය.
මේ අතර ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සම්බන්ධීකරණය, ණය ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා ප්‍රතිකර්මයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉතා වැදගත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසයි.
280 Views
Comments