වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන රජයේ සැලසුමක් ස්ටාලින් හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන රජයේ සැලසුමක් ස්ටාලින් හෙළි කරයි

 වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන රජයේ සැලසුමක් ස්ටාලින් හෙළි කරයි

රජය මේ වනවිට වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට උත්සාහ කරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ (CTU) ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා තිබේ.

 

 

මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රජය දැනටමත් දෙමළ ජනතාවට, දකුණේ තරුණයින්ට, මුස්ලිම් ප්‍රජාවට ත්‍රස්තවාදී ලේබලය අලවා ඇති බවත්, දැන් වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ද ත්‍රස්තවාදීන් ලෙස නම් කර ඇති බවත්ය.

 

 

තවද රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමකින් තොරව ජනාධිපති ලෙස තේරී පත් වූ අයෙකු බැවින් ඔහුට ත්‍රස්තවාදය නිර්වචනය කිරීමට බලයක් නොමැති බව ස්ටාලින් මහතා සඳහන් කරන ලදී.

 

 

මෙම ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත ගෙන ඒමට තමන් ඇතුළු වෘත්තීය සමිති එකමුතුව මුල සිටම විරුද්ධ වූ බවත් මේ පනත නීත්‍යානුකූලව පරාජය කළ යුතු බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් පවසනු ලැබීය.

views

278 Views

Comments

arrow-up