බිත්තර ආනයනය නිසා මෙරට බිත්තර කර්මාන්තයට වෙන දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

බිත්තර ආනයනය නිසා මෙරට බිත්තර කර්මාන්තයට වෙන දේ මෙන්න

බිත්තර ආනයනය නිසා මෙරට බිත්තර කර්මාන්තයට වෙන දේ මෙන්න

බිත්තර ආනයනයෙන් මෙරට වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය තවත් අර්බුදයකට පත් වන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා කියා සිටී.

 

බිත්තර නිෂ්පාදකයන් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන් මෙම තත්ත්වය ඉදිරි සතිය තුළදී උදා වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

 

මේ අතර ඉදිරියේදී තවත් බිත්තර මිලියන 10 ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඇනවුම් භාර දී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා බිත්තර බෙදාදීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

 

එමගින් මෙරට බිත්තර හිඟය පහව යනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

views

229 Views

Comments

arrow-up