MAR
24
තණමල්විල සිට කොළඹට ගවයින් ඇද්ද දෙදෙනෙක් උඩවලවේදී දැලේ

තණමල්විල සිට කොළඹ දක්වා බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු උඩවලව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඉතා හිංසාකාරී ලෙස ගවයින් 33 ක් මෙම ලොරි රථයේ ප්‍රවාහනය කර ඇති අතර, එහිදී ගවයින් දෙදෙනෙකු මියගොස් සිටි බවද පොලිසිය සඳහන් කර සිටී.
ලුණුගම්වෙහෙර පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
224 Views
Comments