හිටපු ජනපති මෛත්‍රීට අද අධිකරණයෙන් දුන් නියෝගය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

හිටපු ජනපති මෛත්‍රීට අද අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු ජනපති මෛත්‍රීට අද අධිකරණයෙන් දුන් නියෝගය

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්කර තිබෙන රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කරන ලදී.

 

සිරිල් ගාමිණී පියතුමා සහ ප්‍රහාරයේ වින්දිතයෙකු වූ ජේසුදාසන් නඩේසන් විසින් ගොනුකරන ලද පෞද්ගලික පැමිණිල්ලක් සම්බන්ධ නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී, අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
 

views

235 Views

Comments

arrow-up