වෘත්තීය විෂමාචාර වලට වරදකරු වූ නීතිඥවරයෙකුට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

වෘත්තීය විෂමාචාර වලට වරදකරු වූ නීතිඥවරයෙකුට වැඩ වරදී

වෘත්තීය විෂමාචාර  වලට වරදකරු වූ නීතිඥවරයෙකුට වැඩ වරදී

වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු කෙරුණු නීතිඥවරයකු නීතිඥ භාවයෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10)  නියෝග කළ අතර විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

 

ඉඩම් ගණුදෙනුවකට අදාල ඔප්පු කටයුත්තක දී අදාල නීතිඥවරයා නීති විරෝධී ක්‍රියාවක් සිදු කළ බවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

 

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේ, අදාල නීතිඥයාගේ නම නීතිඥ නාම ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

views

222 Views

Comments

arrow-up