ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් නව ප්‍රතිපාදන රැසක්

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර පැවැත්වූ සාකච්ඡාවකට අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කර ඇත.
එනම් 2023 අයවැය යෝජනාව පදනම් කරගනිමින් 2021 නොවැම්බර් 12 දිනට පෙර ශ්‍රී ලංකාවට ආනයනය කළ සහ මෙරට තුළ එකලස් කරන ලද වාහන වල ලියාපදිංචියට අවශ්‍ය ප්‍රතිපාදන සහ අනෙකුත් සාධක සකස් කරගැනීම යන කාරණා පිළිබඳව සාකච්ඡා කිරීම තවදුරටත් සිදුකළ යුතු බවයි.
එමෙන්ම රාජ්‍ය අමත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ භාවිතය එකළස් කිරීම හා අලෙවිය යන කරුණු සම්බන්ධව ජනයා මුහුණ දෙන ගැටලු අවම කළ යුතු බවයි.
යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ අනෙකුත් රථවාහන භාවිතය සම්බන්ධ නවීන ක්‍රමවේද සකස් කරගත යුතු බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් හට මෝටර් රථ වාහන ධාවනය පිළිබඳ අවසර ලබාදීමේ පිලිවෙත් ඉතා කාර්යක්ෂම ලෙස ඉටු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
232 Views
Comments