නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන්සේවා ගිවිසුමකට අත්සන් තැබෙයි

යුරෝපා සහ ආසියානු කලාප අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සඳහා නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අත්සන් තබන ලදී. මෙමගින් දෙරටට අයත් නම් කළ ගුවන් සමාගම්වලට ඇම්ස්ටර්ඩෑම් සහ කටුනායක අතර පියාසර කිරීමටත්, සිය අදාල ප්‍රදේශවලින් ඔබ්බට පියාසර කිරීමටත් අවස්ථාව සැලසේ.
තවද එමඟින් ව්‍යාපාරික අන්තර්ක්‍රියා වැඩි දියුණුවන අතර, භාණ්ඩ ප්‍රවාහනය සඳහා වේගවත් ක්‍රමවේදයක් ද නිර්මාණය වනු ඇත. ශ්‍රී ලංකාව යනු ඕලන්ද සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති ගමනාන්තයකි. 2022 වසරේ ඇතැම් කාලසීමාවන් තුළ පනවන ලද සංචරණ සීමා මධ්‍යයේ වුවද නෙදර්ලන්ත සංචාරකයන් 11,987දෙනෙකු මෙරට සංචාරයේ නිරත වී ඇත.
මෙම ගිවිසුමට නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය සහ නෙදර්ලන්ත යටිතල පහසුකම් හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ වැඩ බලන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. වෑන් ෆාසන් මහතා විසින් අත්සන් තබන ලදී. මෙම ගිවිසුම මඟින් දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය රුචිකත්වය පිළිබිඹු වේ.
256 Views
Comments