FEB
17
දඹුල්ලේදී බස් රථ අනතුරක්

පෞද්ගලික බස් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් තරගයට ධාවනය කිරීමේ දී සිදුවූ අනතුරකින් එක් බස් රථයක සිටි මගීන් පිරිසකට පිටතට පැමිණීමට නොහැකිව අපහසුතාවයට ලක්වූ පුවතක් දඹුල්ලෙන් වාර්තා වේ.
දඹුල්ල රෝහල ඉදිරිපිට මෙම අනතුර සිදුවී ඇති අතර පෞද්ගලික බස් රථයට සමාන්තරව ශ්‍රී ලංගම බස් රථයක ගැටී නතරවීම නිසා පෞද්ගලික බස් රථයේ සිටි මගීන්ට විනාඩි 40 කට අධික කාලයක් පිටතට පැමිණීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.
222 Views
Comments