අසාධාරණයක් සිදු වූ බවට උසස් පෙළ සිසුවියකගෙන් පැමිණිල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

අසාධාරණයක් සිදු වූ බවට උසස් පෙළ සිසුවියකගෙන් පැමිණිල්ලක්

අසාධාරණයක් සිදු වූ බවට උසස් පෙළ සිසුවියකගෙන් පැමිණිල්ලක්

පලාගල, මිහිරිහම්පිටිය ප්‍රදේශයේ මෙවර උසස්පෙල ගිණුම්කරණ විෂය සඳහා පෙනී සිටි සිසුන් කිහිපදෙනෙකුට විභාග ශාලා නිරීක්ෂකවරයෙකුගෙන් සිදුවු අසාධාරණයක් සම්බන්ධයෙන් එක් සිසුවියක් විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කර ඇත.

 

ගිණුම්කරණ විෂයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමට ගණක යන්ත්‍රයක් අවශ‍ය වන බවත්, සියලු සිසුන් ඒ සඳහා ගණක යන්ත්‍ර රැගෙනවිත් තිබුන අතර තමා සහ තවත් සිසුන් කිහිපදෙනෙක් සැලසුම් සකස් කිරීමට නොහැකි ගණක යන්ත්‍ර රැගෙන විත් තිබීම නිසාවෙන් එම අවස්ථාවේ විභාග ශාලාවේ සිටි නිරීක්ශක මහත්වරු කිහිපදෙනෙකු එම ගණක යන්ත්‍ර ඉවත් කිරීමට කටයුතු සිදු කළ බවටත් පැමිණිලි කළ සිසුවිය විසින් පවසා ඇත.

 

වැඩිදුරටත් ඇය පවසා ඇත්තේ ශාලාවේ සෙස්සන් ගණක යන්ත්‍ර භාවිතා කළ බවත්, තමන් දෙවන වරට විභාගය සඳහා පෙනී සිටින සිසුවියක් බවත්, පළමුවර විභාගය සඳහා ද කිසිම ගැටලුවකින් තොරව තමන් මෙම ගණක යන්ත්‍රයම භාවිතා කළ බවත් ය.
 

views

197 Views

Comments

arrow-up