විදුලි කප්පාදු කිරීම වැළක්වීමට නියෝගයක් නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී විදුලි කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසම විසින් සිදු කර තිබූ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ එම ඉල්ලීම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
මේ අතර මානව හිමිකම් කොමිසම විසින් විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ අපහාස පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 07 වනදා එය වැඩිදුර සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
235 Views
Comments