මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් බැංකු කාඩ්පත් තොරතුරු (Credit card සහ Debit card details) සඳහා අදාළ වන රහස්‍ය අංක (PIN), CVV අංකය සහ OTP (One Time Password) කේත වංචා සහගත ආකාරයෙන් හෙළිදරව් කරගන්නා ජාවාරම් කිහිපයක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව මහජන බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් වෙත් දැනුම් දී සිටී.
එවැනි ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ, කෙටි පණිවුඩ, ෆේස්බුක් පණිවුඩ සහ ව්‍යාජ ඇමතුම්වලට හසුවී අතිශය රහසිගත බැංකු තොරතුරු වංචාකාර පාර්ශව වෙත අනාවරණය නොකරන මෙන් සියලුම ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටින බව මහජන බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
208 Views
Comments