විනෝද චාරිකාව මාරක රිය අනතුරකින් කෙළවර වෙයි. 07 දෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

විනෝද චාරිකාව මාරක රිය අනතුරකින් කෙළවර වෙයි. 07 දෙනෙකු ජීවිතක්ෂයට

විනෝද චාරිකාව මාරක රිය අනතුරකින් කෙළවර වෙයි. 07 දෙනෙකු ජීවිතක්ෂයට

නුවරඑළියේ විනෝද චාරිකාවක් ගොස් ආපසු එමින් තිබු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බසයක් රදැල්ල ප්‍රදේශයේ දී වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදුව තිබේ.

 

මෙම අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වන අතර තවත් පුද්ගලයන් 51 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.

 

අනතුරෙන් බස් රථයේ ගමන් කර කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුවී නොමැති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ සිටි පුද්ගලයන් 6 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයෙක් බවට වාර්තා වේ.

 

දැනට ලැබෙන ආරංචි මාර්ග වලින් අනාවරණය වී ඇත්තේ බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

 

 

views

223 Views

Comments

arrow-up