චීන ඉහළ පෙළේ නියෝජිතයන් හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

චීන ඉහළ පෙළේ නියෝජිතයන් හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

චීන ඉහළ පෙළේ නියෝජිතයන් හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් හෙට (14) මෙරටට පැමිණීමට නියමිතය.

 

එම පිරිස ජනවාරි 18 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර එම නියෝජිත පිරිස දිවයිනෙන් පිටව ගොස් දිනකට පසුව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්තා කළේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනවාරි 19 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

 

views

198 Views

Comments

arrow-up