“ඡන්දෙ තියන්න මුදල් අච්චු ගහන්න වෙයි” - මුදල් රාජ්‍ය ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

“ඡන්දෙ තියන්න මුදල් අච්චු ගහන්න වෙයි” - මුදල් රාජ්‍ය ඇමති

“ඡන්දෙ තියන්න මුදල් අච්චු ගහන්න වෙයි” - මුදල් රාජ්‍ය ඇමති

 

මේ මොහොතේ රටේ මැතිවරණයක් පැවැත්වීමට නම් මුදල් අච්චු ගැසීමට සිදුවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

 

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ රටතළ පවතින තත්ත්වය හමුවේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් විය හැකි බවයි. 

 

ඉකුත් වසරේදීද රුපියල් බිලියන 2500ක මුදලක් මුද්‍රණය කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

 

කෙසේ වෙතත් රජයේ මුද්‍රාණාලයාධිපතිනි ගංගානි කල්පනී පැවසුවේ ඡන්ද පත්‍රීකා මුද්‍රණය සඳහා මේවනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

 

ඊට අවශ්‍ය කඩදාසි සහ අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල පවතින බව ඇය පැවසුවා. 

views

241 Views

Comments

arrow-up