මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු කඩුවෙල දී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු කඩුවෙල දී අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු කඩුවෙල දී අත්අඩංගුවට

පසුගිය 26 වනදා හර්ෂ මදුෂාන් ජානක හෙවත් අංජු නැමැති පුද්ගලයා පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (30) කඩුවෙල නාගහමුල්ල වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කොළොන්නාව නාගහමුල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි  පුද්ගලයෙකි.

 

views

211 Views

Comments

arrow-up