තොටිල්ලේ ගෙල සිරවී 12 හැවිරිදි දරුවා ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

තොටිල්ලේ ගෙල සිරවී 12 හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

තොටිල්ලේ ගෙල සිරවී 12 හැවිරිදි දරුවා ජීවිතක්ෂයට

හපුතලේ පිටරත්මලේ වත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී සාරි පොටක් මගින් සකස් කර තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් 12 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පසුගිය 22 වනදා රාත්‍රියේ මෙම දරුවා සිය සහෝදරයන් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති අතර මව විසින් දරුවන් දෙදෙනෙකු නිදි කරවීමට වෙනත් කාමරයකට ගොස් ඇත.

 

පසුව මව නැවත පැමිණ බලන විට අදාල දරුවා බාල්කයේ එල්ලා තිබූ තොටිල්ල සකස් කර තිබූ සාරිපොට ගෙල සිට වී සිටිනු දැක ඇත.

 

පොලීසිය ප්‍රකාශ කළේ ඒ වන විටත් දරුවා මියගොස් තිබූ බවයි.

 

එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (23) දිනයේ සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ගෙල සිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

views

242 Views

Comments

arrow-up