DEC
24
මහවැලි ගගෙන් සහ හොරකැලේ රක්ෂිතයෙන් නාඳුනන මළ සිරුරු 2ක් සොයා ගැනේ

කටුගස්තොට රෝහල ඉදිරිපිට මහවැලි ගඟේ තිබිය දී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.
වයස අවුරුදු 60ත් 70ත් අතර පසුවන පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර මළ සිරුර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බව පොලිසිය පවසයි.
මේ අතර මීරිගම හොරකැලේ රක්ෂිතයේ තිබිය දී තවත් නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.
එම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
222 Views
Comments