විදුලි බිල වැඩි කළහොත් ආපනශාලා සහ බේකරි වසා දමනවා - ආපනශාලා හිමියන්ගේ සංගමය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

විදුලි බිල වැඩි කළහොත් ආපනශාලා සහ බේකරි වසා දමනවා - ආපනශාලා හිමියන්ගේ සංගමය

විදුලි බිල වැඩි කළහොත් ආපනශාලා සහ බේකරි වසා දමනවා - ආපනශාලා හිමියන්ගේ සංගමය

ජනවාරි පළමු වනදා සිට විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළහොත් රට පුරා ආපනශාලා සහ බේකරි වසා දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

 

අද (24) කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එම සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා මේ බව පවසා තිබුණි.

 

මේ අතර සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය ද සඳහන් කළේ විදුලි බිල වැඩි කිරීම තුළින් ඔවුන්ට සිය වෘත්තිය කරගෙන යෑමට දැඩි බලපෑම් එල්ල වන බවයි.

views

321 Views

Comments

arrow-up