90,000 ක් මත්ද්‍රව්‍ය නිසා අත්අඩංගුවට

පොලීසිය පවසන ආකාරයට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී මෙම වසර මේ දක්වා කාලය තුළ අනූදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් කිලෝග්‍රෑම් 1,441ක් සහ ඊට අදාළ සැකකරුවන් 45,801ක්ද, ගංජා කිලෝග්‍රෑම් 11,881ක් සහ ඊට අදාළ සැකකරුවන් 34,062ක් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
තවද අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109ක් සහ ඊට අදාළ සැකකරුවන් 10,532ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
251 Views
Comments