“ගොවීන්ගේ ගැටලු විසඳන්න බැරිවුණා, මම ඇමතිකමෙන් අස්වෙනවා” - අමරවීර

වී ගොවියන්ගේ ගැටලු සමනය කිරීමට කොතෙක් උත්සාහ කළද එය අසාර්ථක වී නිසා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීම හැර වෙන විකල්පයක් තමනට නැතැයි කෘෂිකර්ම වනජිවි හා වන සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.
රජයට වී මිලදී ගැනීමට මුදල් නැති බවත් විදේශයන්ගෙන් සහල් ආනයනය නිසා වී මිලදී ගැනීම සහල් නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ජාතික ගොවිජන එකමුතුව සමග පැවති සංවාදයක දී ය.
ජාතික ගොවිඡන එක සභාපති අනුරාධ තෙන්නකෝන් මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා දුරකතනෙන් ඇමතූ අවස්ථාවේ අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කළේය.
213 Views
Comments