පල්ලේකැලේ ක්‍රිකට් තරඟ ආරක්‍ෂාවට සිටි කොස්තාපල් හෝටලේ ඇතුළෙත් කුඩු ගහලා

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු හෙරෝයින් මත්කුඩු මිලි ග්‍රෑම් 80 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් පොලිස් කොස්තාපල්වරයකු වන අතර පෙරේදා(30) දහවල් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසල දී අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට යමින් සිටියදී මොහු මත්කුඩු පාවිච්චි කරමින් සිට ඇති අතර මත්කුඩු ද සමග මොහු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂක කටයුතු සඳහා මොහු පසුගිය 21 වැනිදා විශේෂ රාජකාරී යටතේ මහනුවරට පැමිණ ඇත.
ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින අර්ල්ස් රිජින්සි හෝටලයේ නාන කාමරයක් තුළදී මත්කුඩු භාවිතා කළ බව ද සැකකරු පොලිසියට පවසා තිබේ.
රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු පසුගිය වසරේ ජුලි මස 15 වැනිදා පොලිස් සේවයට බැඳී ඇත.
පුහුණුව නිම කිරීමෙන් අනතුරුව 2022 මැයි මස 21 වැනිදා ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
256 Views
Comments