ඉඟිනියාගල අතුරුදහන් වූ 13 හැවිරිදි දැරිය රත්නපුරෙන් හමුවේ

මාසයකට අසන්න කාලයක් අතුරුදහන්ව සිටි 13 හැවිරිදි දැරියක් සහ එම දැරිය රඳවාගෙන සිටි බව කියන පුද්ගලයෙක් රත්නපුර ලොල්ලොපිටිය ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ එම දැරිය අතුරුදහන් වීමේ පුවත ප්‍රචාරය වීමෙන් පසුව ලොල්ලොපිටිය ප්‍රදේශවාසීන් සිදුකළ දැනුම් දීමකට අනුවයි.
සැකකරු සහ දැරිය රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (26) වැඩිදුර විමර්ශන සඳහා ඉඟිනියාගල පොලීසිය වෙත භාරදී තිබුණි.
අම්පාර ඉඟිනියාගල දේවාලහිඳ ප්‍රදේශයේ පදිංචි මෙම දැරියගේ මව පොලීසියට පැමිණිලි කර තිබුණේ පසුගිය ඔක්තෝම්බර් 23 වනදා සිට තම අනියම් සැමියා විසින් වයස 13ක් වන තම දියණිය නිසි දැනුම්දීමකින් තොරව රැගෙන ගොස් තිබූ බවයි.
247 Views
Comments