පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් විරෝධතාවයක

අද(20) උදෑසන මත්ස්‍ය පොකුණු ඉදිකිරීමට යැයි පවසමින් දැදුරුඔය ආසන්නයේ ආරම්භ කර තිබූ වැලි ජාවාරමක් වැළැක්වීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් විරෝධතාවයක නිරත වී තිබුණා.
එහිදී වැලි කැපීමේ නිරත පිරිස් කියා සිටියේ තමන්ට ඒ සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ බලපත්‍ර හිමි බවයි.
කෙසේ නමුත් වැලි කැපීමට හා ප්‍රවාහනයට බලපත්‍ර ලබා නොදිය යුතු බවට පල්ලම ප්‍රාදේශීය ලේකම්වරිය පතල් හා කැණීම් කාර්යාංශයට දැනුම් දී තිබෙන බවයි ගම්වාසීන් ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව ගම්වාසින්ගේ විරෝධය හමුවේ කැණීම් සිදුකළ පිරිස් ඊට අදාල උපකරණ ද රැගෙන පිටව ගොස් තිබෙනවා.
195 Views
Comments