කෝටි 45ක් පාගගෙන එන අලි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
13

කෝටි 45ක් පාගගෙන එන අලි

කෝටි 45ක් පාගගෙන එන අලි

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ඉකුත් වර්ෂ දෙක තුළදී 2019, 2020 විදුලි වැටවල්, ඉදිකිරීම් හා නඩත්තු කිරීම සඳහා හතළිස්පන් කෝටි පනස්පන් ලක්‍ෂ හාරදහස් නවසිය හැටනවයක මුදලක් (455,504,969) වැය කළද අලි මිනිස් ගැටුමේ අඩුවීමක් සිදුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

 

2019 වර්ෂයේදී විදුලි වැටවල් ඉදිකිරීම හා නඩත්තු කිරීම සඳහා රුපියල් දහනව කෝටි හැත්තෑ නවලක්‍ෂ අසූතුන් දහස් හයසිය තිස්පහක (197,983,635) මුදලක් වැයකර ඇත.

 

2020 වර්ෂයේදී මේ සඳහා වැයකොට ඇති මුදල රුපියල් විසිපන් කේටි හැත්තෑපන් ලක්‍ෂ විසිඑක් දහස් තුන්සිය තිස්හතරකි. (257,521,334) දිගින් කිලෝ මීටර් 4,756 ක් වූ විදුලි වැටවල් මේ වනවිට ඉදිකර ඇත. එසේ වුවද පසුගිය වසර 05 තුළ අලි මරණ, මිනිස් මරණ, හා දේපළ හානි සැලකීමේදී විදුලි වැටවල් ඉදිකළ ද අලි මිනිස් ගැටුම් අවම වීමක් වී නොමැති බවද විගණනය මගින් අනාවරණය කර ඇත.

 

දිස්ත්‍රික්ක 19 ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 133ක වනඅලි මිනිස් ගැටුම් පවතින බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි. මෙකී ප්‍රදේශවල ආර්ථික ක්‍රියාකාරීත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වීම වන අලින්ගේ සංචරන මංපෙත්වලට බාධා ඇතිවීම වනඅලි මිනිස් ගැටුම් ප්‍රධාන වශයෙන් ඇතිවීමට හේතුවී ඇත.

views

209 Views

Comments

arrow-up