NOV
06
එළවළු මිල පහළට

පසුගිය සතියේ දි පහළ ගිය තොග මිලට සාපේක්ෂව එළවළු වර්ග රැසක සිල්ලර මිල ගණන් ද මේ වනවිට පහළ ගොස් තිබේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ පහත රට එළවළුවල වැඩිම මිල පහළ යෑම මුරුංගාවලින් වාර්තා වන බවයි.
ඒ රුපියල් 44ක පහළ යෑමකි.
මේ අතර වට්ටක්කා මිල රුපියල් 20කින් ද වැටකොළු සහ කරවිල රුපියල් 04ත් 11ත් අතර මිලකින් ද බණ්ඩක්කා මිල රුපියල් 34කින් ද පහළ ගොස් තිබේ.
කෙසේ නමුත් පොල්, රතු ලූනු සහ අර්තාපල් මිලෙහි යම් වැඩිවීමක් පෙන්නුම් කරයි.
233 Views
Comments