X ray වාර්තා ලබාදීමේ ගැටලුවක්

කොළඹ ජාතික රෝහලේ X ray, MRI සහ CT ස්කෑන් පරීක්ෂණ සිදු කළ ද ඒවායේ වාර්තා වෛද්‍යවරුන් වෙත ලබාදීමේ ගැටළුවක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ එම පරීක්ෂණ පිටපත් ලබා ගැනීමේ අර්බුදකාරී තත්ත්වයක් පවතින අතර මේ නිසා ඒවා වෛද්‍යවරුන් වෙත පරිගණක ජාල ක්‍රමවේදයක් ඔස්සේ යොමු කිරීම සිදුකරයි.
කෙසේ නමුත් මේ වනවිට එම පරිගණක ජාලයේ ද දෝෂ සහගත තත්ත්වයක් ඇති වීම හේතුවෙන් එලෙස පරීක්ෂණ වාර්තා වෛද්‍යවරුන් වෙත නිකුත් කිරීමට නොහැකි වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
229 Views
Comments