හිඟ මුදල් නොගෙව්වොත් උසස් පෙළ අවිනිශ්චිතයි..! – ස්ටාලින්

විභාග රාජකාරීවලට අදාළව ගුරු විදුහල්පතිවරුන්ට රජය රු. ලක්ෂ 150ක් පමණ ගෙවීමට ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
මෙවර උසස් පෙළ විභාගයේ රජාකාරී සඳහා අයදුම්කිරීමේ කාලසීමාව නොවැම්බර් 04 දක්වා දීර්ඝ කර තිබුණද පසුගිය විභාගයට අදාළව උත්තර පත්‍ර පරීක්ෂා කිරීම ඇතුළු විභාග රාජකාරී සිදුකළ ගුරු විදුහල්පතිවරුන්ට එම ගෙවීම් සිදුකර නොමැති හෙයින් නොවැම්බර් 04 වැනිදාට පෙර එම ගෙවීම් සිදුනොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි (22) මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කර සිටියේ.
එම මුදල් ගෙවන ලෙස රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද ඒ ගැන සැලකිල්ලක් දක්වා නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
202 Views
Comments