ශ්‍රී ලංකාව නියමිත වේලාවට ණය ගෙවනු ඇතැයි බංග්ලාදේශය බලාපොරොත්තුවෙන්

බංගලාදේශයෙන් ලබාගත් ලබන වසරේ මාර්තු මාසයේ ගෙවීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල නියමිත වේලාවට ශ්‍රී ලංකාව ගෙවනු ඇතැයි බලාපොරොත්තු වන බව බංග්ලාදේශය පවසයි.
ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවක දී ඒ සම්බන්ධයෙන් තමාට ධනාත්මක ප්‍රතිචාර හිමි වූ බව බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
විදේශ හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල නියමිත වේලාවන්ට ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම් මත අදාළ කාලසීමාවක් දෙවරක් ම දීර්ඝ කර තිබුණි.
203 Views
Comments