වෙඩිමට පැන්න පොලිසිය උඩරට නිලමේ ඇඳුම පිටින්ම මනාලයා සහ මනාලිය උස්සයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

වෙඩිමට පැන්න පොලිසිය උඩරට නිලමේ ඇඳුම පිටින්ම මනාලයා සහ මනාලිය උස්සයි

වෙඩිමට පැන්න පොලිසිය උඩරට නිලමේ ඇඳුම පිටින්ම මනාලයා සහ මනාලිය උස්සයි

මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර  බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.

 

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය.

 

විවාපත් වීමට ගිය මනාලියගේ වයසේ අවු අවුරුදු 15යි මාස හයක් බව සඳහන් කරන පොලිසිය සැකකාර තරුණයාගේ වයස අවුරුදු 19 බවත් මූලික විමර්ශනයේදී හෙළි වු බව පොලිසිය පැවසීය.

 

මේ වන විට තරුණයා පොලිස් අත්අඩංගුවේ පසුවන බව සඳහන් කළ පොලිසිය බාල වයස්කාර දැරිය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව ද පොලීසිය පැවසීය

views

678 Views

Comments

arrow-up