පැය තුනක විදුලි කැපිල්ල නතර කළ නොරොච්චෝලේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

පැය තුනක විදුලි කැපිල්ල නතර කළ නොරොච්චෝලේ

පැය තුනක විදුලි කැපිල්ල නතර කළ නොරොච්චෝලේ

කාර්මික දෝෂයකට ලක් වූ නොරොච්චෝලේ බලාගාරයේ 3 ඒකකයේ දෝෂය යථා තත්ත්වයට පත් කොට නැවත එය ජාතික විදුලිබල පද්ධතියට එක් කොට තිබෙනවා.

 

මෙහි බොයිලේරුවකට ජලය ගෙන යන නළයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් ඉකුත් ඉරිදා එහි විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමුණා.මේ නිසා පැය 3ක විදුලි කප්පාදුවකටද යාමට සිදු වූවා.

 

මේ වන විට නොරොච්චෝලේ ඒකක 1 සහ ඒකක 3 යන ජනන යන්ත්‍ර දෙකන සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කෙරෙනවා.

 

තවද මෙහි 2 වන ජනන යන්ත්‍රයේ  මාස 3ක් පුරා සිදු කෙරෙන සාමාන්‍ය අලුත්වැඩියා නඩත්තු කටයුතු මේ  මස මැද භාගයේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් තබමින් වැඩිදුරටත් කියාසිටියා.

 

views

224 Views

Comments

arrow-up