තමිල්නාඩු ක්‍රමයට බොරලැස්ගමුවේදී කතක් මන්නෙන් කොටා මරපු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

තමිල්නාඩු ක්‍රමයට බොරලැස්ගමුවේදී කතක් මන්නෙන් කොටා මරපු හැටි

තමිල්නාඩු ක්‍රමයට බොරලැස්ගමුවේදී කතක් මන්නෙන් කොටා මරපු හැටි

බොරලැස්ගමුව බොරුපන පාලම අසල යතුරුපැදියක සිය ස්වාමියා සමඟ සිටී 34 හැවිරිදි කාන්තාවක් ඉලක්ක කර ගෙන එල්ල වූ මන්නා පිහි පහරකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇයගේ ස්වාමියාද බරපතළ තුවාල ලබා තිබෙනවා.

 

සාදයකට ගෙන්වන මුවාවෙන් ඇයව මෙම පාලම අසලට ගෙන්වා මෙම ඝාතනය සිදු කොට ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

ඝාතනයට ලක් වීමට පෙර දිනක ඇයට ඇමතුමක් ලැබී ඇති අතර එම ඇමතුමෙහි සදහන්  වී ඇත්තේ සාදයක් සදහා යාමට බොරුපන පාලම අසලට එන  ලෙසයිගමෙලෙස උප්පරවැට්ටියකින් ඇයව ගෙන්වා ගෙන යතුරුපැදියක නැගී ආ දෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කොට තිබෙනවා.

 

මන්නා පාර ඇයගේ ගෙල දෙසට වැදී ඇති අතර ඇයව ප්‍රහාරයෙන් බේරා ගැනීමට ගිය ඇයගේ ස්වාමියා පුරුෂයාද බරපතළ තුවාල ලබා තිබෙනවා.

 

ඝාතනය සදහා පැමිණි දෙදෙනාගෙන් යතුරුපැදියේ පසු පස සිටි අය පසුව බිම වැටී ඇති අතර ඔහුව ප්‍රදේශවාසීන් අල්ලා පහර දී පොලිසිය වෙත භාර දී ඇති බවත් ඔහුද මේ වන විට තුවල සහිතව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරනවා.

 

views

248 Views

Comments

arrow-up