සුඛෝපභෝගී මෝටර් රථයක තිබී කෝටි 6ක හෙරෝයින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

සුඛෝපභෝගී මෝටර් රථයක තිබී කෝටි 6ක හෙරෝයින්

සුඛෝපභෝගී මෝටර් රථයක තිබී කෝටි 6ක හෙරෝයින්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පෙරේදා (01) රාත්‍රියේ අක්මීමන පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ මෝටර් රථය පින්නදුව පිවිසුම අසල දී නතර කර පරික්ෂා කර තිබේ.

 

එහි දී මෝටර් රථයේ තිබූ බෑග් කිහිපයකින් මෙම හෙරෝයින් තොගය හමුවී තිබේ.

 

කෙසේ නමුත් අදාළ බෑග් කිහිපය මෝටර් රථයෙන් ඉවතට ගෙන පරික්ෂා කිරීමේ දී සැකකරු මෝටර් රථය පණගන්වා පලාගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

 

පානදුර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

 

views

237 Views

Comments

arrow-up