එරෝෆ්ලෝට් ලබන 9 වැනි දා සිට යළි වැඩ

රුසියානු රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ ප්‍රතිථලයක් ලෙස එරෝෆ්ලෝට් ගුවන්සේවාවන් ඔක්තෝබර් මස 09දා සිට යලිත් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇත.
එරෝෆොල්ට් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීම නැවත ආරම්භ කරන ලෙස සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රුසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය වෙත කරන ලද ඉල්ලීම සලකා බලා මෙම ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.
එම ගුවන්යානා ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට අදාල ආයතන මගින් ගුවන්යානා ඉන්ධන නොනවත්වා සැපයීමට පියවර ගත යුතු බවට වන කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
282 Views
Comments