ආරක්ෂක නිලධාරියාට පහරදුන් මන්ත්‍රී පුතා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

ආරක්ෂක නිලධාරියාට පහරදුන් මන්ත්‍රී පුතා අත්අඩංගුවට

ආරක්ෂක නිලධාරියාට පහරදුන් මන්ත්‍රී පුතා අත්අඩංගුවට

කැස්බෑව නගර සභා කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියකුට පහරදුන් බව කියන මන්ත්‍රීවරයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.



පහර කෑ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත වී ඇත.



කැස්බෑව නගර සභාවේම පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු බව කියන සැකකරු එම නගර සභාවේම සෞඛ්‍ය කම්කරුවකු ලෙස සේවය කරන අයෙක් බව පොලීසිය කියයි.



පෙරේදා(17) රාත්‍රී මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නගර සභාව වෙත පැමිණ තිබූ මෙම සැකකරු එහි සිටි ආරක්ෂක නිලධාරියාට ඉවක් බවක් නැතුව පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.



එම අවස්ථාවේදී ආරක්ෂක ප්‍රධානියා ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහු මැදිහත්ව ආරක්ෂක නිලධාරියා බේරා ගෙන තිබූ බව පොලිසිය කියයි. ආරක්ෂක නිලධාරියාගේ හිසට සහ පපු ප්‍රදේශයට තැලුම් තුවාල සිදුවී ඇත.

 

පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති අතර අධික ලෙස මත්පැන් පානය කර සිටීම ඊට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

පහර කෑ ආරක්ෂක නිලධාරියා වැල්ලවාය පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.



22 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

264 Views

Comments

arrow-up