“රටේ තිරිඟු පිටි හිඟයක් ඇතිවන්නේ නැහැ” - පාරිභෝගික අධිකාරිය

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් තිරිඟු පිටි අපනයනය අත්හිටුවීමට තීරණය කළද මෙරට තුළ තිරිගු පිටි හිගයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල පැවසුවේ මෙරට වෙළඳපල තුළ තවත් සති 02ක පමණ කාලයකට අවශ්‍ය තිරිඟු පිටි තොග ඇති බවයි.
වෙළඳපල තුළ තිරිඟු පිටි හිඟයක් නිර්මාණය කිරීමේ අරමුණීන් තොග සඟවන වෙළඳුන් සොයා මේවනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කළේය.
242 Views
Comments