SEP
05
හොරණ නීලකගේ ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට

හොරෙන නීලක නොහොත් ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ඔහුගේ ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබෙනවා.
අදාළ සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27 සහ 32 යන වයස්වල පසුවන්නන් වන අතර මොවුන් අතර යුද හමුදාවෙන් පැන ගිය දෙදෙනෙකු ද වනවා.
212 Views
Comments