පිරමීඩ ජාවාරම ගැන ආරක්ෂක අංශ අවධානයෙන්

පිරමීඩ ආකාරයෙන් මුදල් ජාවාරමේ නිරත වන පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් දැනුවත් කරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා.
මේ ආකාරයේ සිද්ධි පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට හෝ ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානවලට දැනුවත් කරන ලෙසටයි පොලිසිය තවදුරටත් ඉල්ලා සිටින්නේ.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් පුද්ගලයන් විවිධ උපක්‍රම ඔස්සේ නීති විරෝධී අන්දමින් මුදල් සෙවීමේ ක්‍රම ආරම්භ කර ඇති බව මේ දිනවල බහුලව වාර්තා වනවා.
408 Views
Comments