පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කල මුදල් කොල්ලය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කල මුදල් කොල්ලය

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කල මුදල් කොල්ලය

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංචාරක සමාගමක හිමිකරුවකු සහ එහි සහකාර ගණකාධිවරයෙක් පැහැරගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදල් සහ ක්‍රෙඩිට් කාඩ්පත් කොල්ල කෑමේ පුවතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිරෝද රථයකින් පැමිණි කොල්ලකරුවන් සංචාරක සමාගමේ හිමිකරු පැමිණි මෝටර් රථය හරස්කොට ත්‍රිරෝද රථය නතර කොට තමන් පොලිසියෙන් බව පවසා ඔහුව බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඔහුගෙන් මුදල් කොල්ල කා ඇති බව පොලිසිය සඳහන් කර සිටියේ.

views

267 Views

Comments

arrow-up