කොස්මෝදර දී පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

කොස්මෝදර දී පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කෙරේ

කොස්මෝදර දී පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කෙරේ

කොස්මෝදර පොලිස් වසමේ අරඹකැටය වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

 

මෙලෙස මියගොස් සිටි පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ කොස්මෝදර ඉලුක්කැටියක් පාසල අසල නිවසක පැවැති බණ ගෙදරකට සහභාගී වී ඇති අතර එම නිවසේ දී මුදල් ආරවුලක් හේතුවෙන් කිසියම් පිරිසක් සමග බහින්බස් වීමක් සිදු වී ඇත.

 

බහින්බස් වීමෙන් පසු මේ පුද්ගලයා එම නිවසින් පිටව ගොස් ඇත.

 

කෙසේ නමුත් මෙම ඝාතනය බණ ගෙදර ඇති වී සිදුවීම පාදක කරගනිමින් සිදු වූවා ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

 

මරණකරු ප්‍රදේශයේ තරුණයන්ට රැකියාවක් ලබා දෙන පවසා මුදල් ලබාගෙන ඇති අතර මූල්‍ය වංචා හේතුවෙන් ප්‍රදේශයේ වැඩි දෙනෙකු ඔහු සමග අමනාපයෙන් පසුවන බවද වාර්තා වේ.

 

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කොස්මෝදර පොලීසිය විසින් සිදු කරයි.

 

views

311 Views

Comments

arrow-up