පොලිස් නිලධාරියෙකු සපා කෑ කතක් අත්අඩංගුවට

මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුට පහරදී ඇගිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා මෙම පොලිස් නිලධාරියා පේරාදෙණිය ප්‍රදේශයේ රාත්‍රී කාලයේ දී රාජකාරියේ නිරත වෙමින් සිටින අවස්ථාවේදී අදාළ කාන්තාව ඇතුළු පිරිස බීමතින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.
එම අවස්ථාවේදී අදාළ කාන්තාව ඇතුලු පිරිස පොලිස් නිලධාරියාට පහර දී මෙම සපාකෑම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
233 Views
Comments