අයි එම් එෆ් වෙතින් ශ්‍රී ලංකාවට බරපතල චෝදනාවක්

කිසියම් රටක් දරාගත නොහැකි ලෙස ණය ලබාගැනීමෙන් අත්වන හොදම නිදසුන ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටාලිනා ජෝගිවා මහත්මිය සඳහන් කරයි.
මෙලෙස දරාගත නොහැකිව රටක් ණය ගත්විට ඇතිවන දේශපාලන අර්බුදයද ඉන් මනාව පැහැදිලි වන බව පවසයි.
ඉන්දුනිසියාවේ පැවති ජී20 රටවල් මුදල් ඇමැතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් සදහා පැවැති රැස්වීමකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මේ බව පවසන ලදි.
මේවන විට ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වීමේ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවද කියයි.
268 Views
Comments