මුව ආවරණ යළි අනිවාර්ය වෙයිද ?

ගත වූ සති කීපය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාදිතයින් සහ කොරෝනා මරණවල ඉහළ යෑමක් පෙන්වීමත් සමඟ මුව ආවරණ පැළඳීම නැවත අනිවාර්ය කිරීම වෙත සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී තිබේ.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට අනුව ඊයේ (25) දින වනවිට අයි.ඩී. එච්. රෝහලේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබයි.
මෙම තත්ව යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදීම අවශ්‍ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද අවධාරණය කර සිටියි.
මේ අතර රට තුළ ඩෙංගු වසංගතය පැතිර යාමේ අවදානමක් ද මතුවී තිබේ.
300 Views
Comments