සෙල්ලම් කරමින් සිටි නව හැවිරිදි කුඩා දරුවා වන සතුන්ට ඇටවූ විදුලි රැහැනේ පැටලී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

සෙල්ලම් කරමින් සිටි නව හැවිරිදි කුඩා දරුවා වන සතුන්ට ඇටවූ විදුලි රැහැනේ පැටලී මරුට

සෙල්ලම් කරමින් සිටි නව හැවිරිදි කුඩා දරුවා වන සතුන්ට ඇටවූ විදුලි රැහැනේ පැටලී මරුට

අසල්වැසි මිතුරෙකු සමඟ සෙල්ලම් කරමින් සිටි නව හැවිරිදි දරුවෙකු විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදී පසුගිය 24වනදා සවස මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ නුවන් නෙත්සර නමැති 09 හැවිරිදි මල්වත්තාවල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකි.

 

මියගිය දරුවාගේ මව ඔහු කුඩා කාලයේදී ඔවුන් හැර ගොස් ඇති අතර අවුරුදු හතහමාරක සිට දරුවාව හදාවඩාගෙන ඇත්තේ පියා විසිනි.

 

පසුගිය 24 වෙනිදා ළමයාගේ පියා දරුවා අසල්වැසි නිවසක නතර කර කුලී වැඩට ගොස් ඇත.

 

මියගිය ළමයා අසල්වැසි නිවසේ ළමයා සමඟ සෙල්ලම් කරමින් සිටියදී වත්ත පහළ පිහිටි කොස් ගසක් යටට ගොස් ඇත.

 

එහිදී වන සතුන්ට අටවා තිබූ විදුලි රැහැනක ළමයා පැටලී විදුලිසර වැදී ඇත.

 

දරුවාගේ මිතුරා විසින් “නුවන් අයියා කොස් ගස අසල වැටී දඟලනවා” යැයි මවුපියන්ට පැවසීමෙන් පසු ඔවුන් ළමයාව වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කර ඇතත් ඒවන විටත් ළමයා මියගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

 

විදුලි රැහැන් ඇද තිබූ අසල්වැසි නිවසේ අයිතිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

වැල්ලවාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

325 Views

Comments

arrow-up