විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

 

ඒ මහතා ට්‍විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

 

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මසක් තුළ ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ  අනුමැතියට යොමු කරන බව එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.

 

මේ අතර නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් ඒකක ගාස්තු සංශෝධනයට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

views

295 Views

Comments

arrow-up