විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ විය හැකියි

ඉදිරියේ දී දෛනික ව සිදු කරන විදුලි කප්පාදු පැය 03ක් දක්වා දීර්ඝ විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
නොරොච්චෝලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට සැපයෙන විදුලි ධාරිතාව අහිමිවීම හේතුවෙන් මෙම තීරණයට ගැනීමට සිදුවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
දැනට දෛනික විදුලි කප්පාදුව පැයයි විනාඩි 20ක කාලයක් පමණක් සිදු කරන නමුත් නොරොච්චෝලේ බලාගාරයේ පළමු අදියර ජනන කටයුතු මේ වන විට බිඳ වැටී ඇත.
ඒ බිඳ වැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මොගාවොට් 270ක ධාරිතාවක් අහිමි වේ.
මේ හේතුවෙන් ඉදිරියේදී විදුලි කප්පාදුව දීර්ඝ විය හැකිය.
248 Views
Comments