ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට ඇප

ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට ඇප

අධිකරණ නියෝග කඩකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (08)නියෝග කළේය.

 

ලංකා බැංකු මාවතේදී පසුගිය මැයි 28 වැනිදා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩා ඇති කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය සැකකාර ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූනි. 

 

ඒ අනුව අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් (03)දායි.

 

එම උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කරමින් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කොටුව පොලිසිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

 

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

views

285 Views

Comments

arrow-up