සර්ව පාක්ෂික රජයකට TNA සහය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

සර්ව පාක්ෂික රජයකට TNA සහය

සර්ව පාක්ෂික රජයකට TNA සහය

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනපතිවරයා කළ ආරාධනය පිළිගැනිමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බවත් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම ඉතාම හොඳ කාර්යයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසා සිටිනවා.

සර්ව පාක්ෂික රජයක් බිහිකිරීම සඳහා ජනපතිවරයා විසින් ගෙනයන උත්සාහයට තම පක්ෂයේ පූර්ණ සහයෝගය දෙන බවයි ඔහු ඊයේ(31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ දී කළ හැකි සුදුසුම කාර්යය සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම බැවින් දෙමළ ජාතික සන්ධානය හැරුණු විට සෙසු දෙමළ දේශපාලන පක්ෂ ද ජනපතිවරයාගේ යෝජනාවලට එකඟ වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද එහිදී මන්ත්‍රීවරයා කියා සිටියා.

views

254 Views

Comments

arrow-up