යුක්රේනෙත් එක්ක යුද්ධ කරන පුටින්ගෙන් රනිල්ට සුබ පතා ලියුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

යුක්රේනෙත් එක්ක යුද්ධ කරන පුටින්ගෙන් රනිල්ට සුබ පතා ලියුමක්

යුක්රේනෙත් එක්ක යුද්ධ කරන පුටින්ගෙන් රනිල්ට සුබ පතා ලියුමක්

“කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ලාංකික රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි” යැයි රුසියා සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි.

 

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී වැ⁣ටෙරි මහතා අද(25) උදෑසන අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයට පැමිණ රුසියා ජනාධිපතිවරයාගේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාරදුන්නේය.

 

ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තබන බවද රුසියා ජනාධිපතිවරයා සඳහන් කර ඇත.


 “ඔබට සියලු‍ සාර්ථකත්වය මෙන්ම නිදුක් නිරෝගී සෞභාග්‍ය ​​ප්‍රාර්ථනා කරමි”යනුවෙන්ද රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එවූ ලිපියේ සඳහන් වේ.

 

views

275 Views

Comments

arrow-up